ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිය මගීන් වෙත සැහැල්ලු හා පහසුවෙන් සෝදා පිරිසිදු කළ හැකි බ්ලැන්කට්ටුවක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.
ඉන්දියාවේ දීර්ඝ දුම්රිය ගමන්වලදී යොදාගන්නා මාස දෙකකට වරක් සෝදා පිරිසිදු කරන බ්ලැන්කට්ටු වෙනුවට, මෙම නව බ්ලැන්කට්ටුව වරක් පාවිච්චි කිරීමෙන් පසුව සෝදා පිරිසුදු කළ හැකි බව කියැවෙයි.
ඉන්දියාවේ විලාසිතා තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම නව බ්ලැන්කට්ටුව සෑම දිනකම පාවිච්චියෙන් පසුව සොදා පිරිසිදු කරන බවත්, එය ඉක්මණින් වේලාගැනීමට හැකි නිසා යළි පහසුවෙන් භාවිතයට ගත හැකි බවත් කියැවෙයි.
ඉන්දීය දුම්රිය තුළ භාවිත වන බ්ලැන්කට්ටුවලින් හමන දුගන්ධය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළද කතාබහට ලක්වීමෙන් පසුව මෙම නව බ්ලැන්කට්ටු හඳුන්වාදීම සිදුව තිබේ.