ඉන්දියාවේ දිල්ලි අගනුවරදී වයස අවුරුදු 8ක දැරියක ඔහුගේ ඥාති සොහොයුරෙකු විසින් අමානුෂික ලෙස දූෂණයට ලක්කිරීමේ සිදුවීමකින් ඉන්දියාව යළිත් කැළඹී තිබේ.
පොලීසිය පවසා සිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි බිළිඳු දැරිය රෝහල්ගත කළ බවයි. එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සැකකාර 28 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
දැරියගේ සුවදුක් විමසීමට ගොස් සිටි දිල්ලි කාන්තා පොලීසියේ ප්‍රධානී ස්වාතී මල්වාල් පවසා සිටියේ තමන් එම දරුවා දැකීමෙන් දැඩි කම්පනයකට පත්වූ බවයි. ඇයට සිදුව ඇති හානිය වචනයෙන් විස්තර කළ නොහැකි බවද ඇය කියයි.
පසුගිය සඳුදා සිදුව ඇති මෙම අපරාධයට මුහුණදුන් බිළිඳු දැරිය පැය තුනක පමණ ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත්, ඇයගේ අභය්‍යන්තර අවයවවලට සිදුව ඇති බරපතළ හානි නිසා ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කාන්තා පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසයි.
2012 වසරේදී ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ අමානුෂික ලෙස සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීමෙන් පසුව ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණය හා කාන්තා හිංසනය සම්බන්ධයෙන් දැඩි නීති පැනවිය යුතු බවට රට පුරා උද්ඝෝෂණ පැවැත්විණි.
කෙසේ වෙතත්, බලධාරීන් ඊට දැඩි පියවර ගනු ලැබීමෙන් පසුවද සමූහ දූෂණ සිදුවීම් මෙන්ම බරපතල ලිංගික අපරාධ රැසක් ඉන්දියාවෙන් වාර්තා විය.