ඉන්දියාවේ, දිල්ලි නගරයේ වායුව දූෂණය වීම හේතුවෙන් නගරයේ පාසල් දින තුනක කාලයක් වසා දැමීමට මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් තීරණය කර තිබේ.
එමෙන්ම, නගරය තුළ නව ගොඩනැංවීම් සඳහා ගොඩනැගිලි කඩා ඉවත්කිරීමද දින පහක කාලයක් තහනම් කර ඇත.
මේ වනවිට දිල්ල නගරය ගෑස් ටැංකියක් බඳු යැයි පැවසූ කෙජිර්වාල් වසර 20කට පසුව නගරය තුළ අපිරිසිදුම දුමාර තත්ත්වයක් දක්නට ලැබෙන බවද අවධාරණය කරයි.
නගරය තුළ ගමන් කෙරෙන අධික රථ වාහන මගින් නිකුත් කෙරෙන කාබන් වායුව, අවට ඇති ප්‍රාන්තවල සිදුකෙරෙන වගාබිම් අපද්‍රව්‍ය ගිනිතැබීම සහ දුගීන් සීතලෙන් මිදීම සඳහා ගිනිමැල දැල්වීම ආදී හේතු මෙම වායු දූෂණයට හා දුමාරයට හේතුව බව පැවසෙයි.
එමෙන්ම, පසුගිය දිනවල පැවති දීපවාලී සැමරුම් සමග ගිනිකෙළි දැල්වීම හේතුවෙන්ද දිල්ලිය ප්රමුඛ ඉන්දියාවේ නගර රැසක වායුව දූෂණය වී තිබුණි.