ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ සියාචෙන් ග්ලැසියරය ආශ්‍රිතව හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් හිම අතර වැලලී සිටියදී දින හයකට පසුව හමුවූ ඉන්දීය හමුදා සෙබලා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෝප්රල් ලාන්ස් නායික් ඇතුළු තවත් හමුදා සෙබලුන් නවදෙනෙකු මෙසේ හිම කඳු කඩා වැටීමට හසුවූ අතර, මීටර් 8ක පමණ හිම තට්ටුවකට යටවී සිටියදී නායික්ව සොයාගෙන තිබුණි.
කෙසේ වෙතත්, ඒ වනවිට සෙසු සෙබලු සියලු දෙනා දිවියෙන් සමුගෙන තිබුණු අතර, ආශ්චර්යවත් ලෙස නායික්ගේ ජීවතුන් අතර සිටියේය.
නමුදු, ඒ වනවිටත් ඔහුගේ ශරීර උෂ්ණත්වය උපරිම ලෙස අඩුවී තිබීමත්, නියුමෝනියාවත් සමග ඔහු කෝමා තත්ත්වයක පසුවූ නිසාත් ඔහුට යළි ජීවිතය ලබාදීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගත්තද, ඔහු ජීවිතයෙන් සමුගත් බව ඉන්දීය හමුදාව නිවේදනය කළේය.