දින තුනකට පෙර පැරීසියේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමගම ප්රංශයේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කෙරෙන මැතිවරණය දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ ආරම්භ වේ.
එරට වාර්තාවන්ට අනුව පොලීසියේ 50,000ක් සහ හමුදාවේ 7,000ක් පමණ ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.
ආරම්භ වූ ප්රංශ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 11 දෙනෙකු තරගවදින අතර, එරට අන්ත-දක්ෂිණාංශික මෙන්ම, අන්ත-වමාංශික යන බල කඳවුරු දෙකෙහිම පෙරමුණ ගෙන සිටින අපේක්ෂකයන් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ප්රංශ වේලාවෙන් උදෑසන 8.00ට ඡන්දය දැමීම ආරම්භ වූ අතර, රාත්රී 8.00 ට ඡන්දය දැමීම අවසන් වීමට නියමිතය.
මේ වනවිට ජනාධිපතිවරණ තරගයේ අපේක්ෂකයන් 4 දෙනෙකු කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් පවතින අතර, ෆ්රංෂුවා ෆිලොන්, මැරීන් ලේ පෙන්, එමානුවෙල් මැක්රොන් සහ ජීන් ලූක් මේලෙන්ෂොන් ඒ අතර වෙති.
මේ අතර, පසුගියදා පැරීසියේදී පොලිස් නිලධාරියෙකුට ප්රහාරය එල්ල කළ පුද්ගලයා හඳුනාගෙන තිබුණු අතර, මෙය ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය හා සම්බන්ධ ප්රහාරයක් විය හැකි බවද විශ්වාස කෙරයි.
පසුගිය කාලය පුරා ප්රංශය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවදානමක් ඇතිව තිබූ අතර, ඉස්ලාම් අන්තවාදී ප්රහාර රැසකින් ප්රංශ ජාතිකයන් රැසකට සිය දිවියෙන් වන්දි ගෙවීමටද සිදුවිය.