රැඩිකල්වාදය හා දැඩි අන්තවාදී මත හඳුනාගනිමින් ඒවා තුරන් කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් සඳහා ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව විශේෂඥයන් හුවමාරු කරගනිමින් කටයුතු ආරම්භ කිරීමට සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.
ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හමුවී සාකච්ඡා පැවැත්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මෙම තීරණය දැනුම් දී ඇති අතර, සිය රාජ්‍යයන් මේ විෂ සහිත උමතු දෘෂ්ටීන්ට හේතුවෙන් පීඩාවට පත්ව අති බවද පවසා තිබේ.
ඒ අනුව, දෙරටේ විශේෂඥ කණ්ඩායම් එකතුව ඉදිරි මාස 6ක කාලය තුළ මෙම තොරතුරු නායකන් දෙපළ වෙත වාර්තා කිරීමට නියමිත බව කියයි.