මීට වසර 60කට පෙර තමාට ආරක්ෂාව සැපයූ ඉන්දියානු සොල්දාදුවෙකු මුණ ගැසීමට ටිබටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා පසුගියදා කටයුතු කළහ.
චීන පාලනයට එරෙහිව ටිබෙට් නැගිටීම ව්‍යර්ථ වීම හමුවේ ලහාසා කඳුකරය හරහා අතිශය දුෂ්කර ගමනාන්තයකින් පසුව ඉන්දියාව වෙත පැමිණි දලයි ලාමා තුමා නරේන් චන්ද්‍ර දාස් නමැති මෙම සොල්දාදුවා මුලින්ම හමුවී තිබුණේ වර්ෂ 1959 දීය.
මේ වනවිට 81 වැනි වියෙහි පසුවන දලයි ලාමාට ආරක්ෂාව සැපයූ නරේන්ගේ වයස අවුරුදු 79 කි.
ඔබේ මුහුණ දෙස බැලූ විට, මමත් ගොඩක් වයසයි කියලා මට හොඳටම වැටහෙනවා යැයි සිය පැරණි මිතුරා හමුවූ අවස්ථාවේදී දලයි ලාමා තුමා පැවසූහ.
සොල්දාදුවෙකු ලෙස වෙස් වලාගෙන එවකට දලයි ලාමා ඉන්දියාව වෙත පැමිණයේ එවකට ඉන්දියාවේ ආධාරය බලාපෙරොත්තුවෙනි.