දශක දෙකකට පසුව සෝමාලි රජය සිය ප්රථම තැපැල් සේවය යළි ආරම්භ කර තිබේ.
එමෙන්ම ප්රථම වරට රට පුරා තැපැල් කේතයන් ඉදිරිපත් කිරීමටද ඔවුන් මෙවර කටයුතු කර තිබේ.
1991 වසරේදී සායිද් බරේගේ පාලනය බිඳ වැටීමත් සමග සෝමාලියාවේ තැපැල් සේවය කඩා වැටුණි.
සෝමාලියාව තුළ ඉන් පසුව ඇති වූ වාර්ගික හා ආගමික ගැටුම්වලින් පසුව මෙසේ තැපැල් සේවය නැවත ආරම්භ වන්නේ දශක දෙකකටත් වඩා වැඩි කාලයකිනි.
මේ අතර, ප්රථම වරට එරටට ATM යන්ත්රයක් ස්ථාපිත කිරීමද පසුගිය සතියේදි සිදුවිය. එය සෝමාලි අගනගරය වන මොගඩිෂු නුවර ස්ථාපිත කෙරිණි.