බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග විවාහ වී ඔහු සමග 27ක් බ්‍රිතාන්‍යය තුළ දිවි ගෙවූ කාන්තාවක් සිංගප්පූරුවට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට දශක තුනකට පමණ පෙර සිංගප්පූරුවේ සිට බ්‍රිතාන්‍ය වෙත පැමිණි එහි වාසය කළ අයිරීන් ක්ලේනල් නම් මෙම කාන්තාවගේ පුතුන් දෙදෙනා සහ මිනිබිරියකද බ්‍රිතාන්‍යයේ වාසය කරති.
සිය සැමියා සමග ඊසානදිග එංගලන්තයේ තම නිවසේදී ඇයව අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය බලධාරීන්, කලක් ඇයව රැඳවුම් භාරයක තබාගෙන ඇති බවද කියැවෙයි.
බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග විවාහවීම හේතුවෙන් අයිරීන් ක්ලේනල්ට බ්‍රිතාන්‍යයේ ස්ථිරව වාසය කිරීමට අවසරය තිබුණත්, සිය වයෝවෘද්ධ දෙමවුපියන් රැකබලා ගැනීම සඳහා වරින්වර සිංගප්පූරුවේ සංචාරය කරමින් දිගු කලක් එහි රැඳී සිටීම නිසා ඇගේ නේවාසික වීසා බලපත්‍ර අවලංගු වී ඇති බවටද විශ්වාසයක් පවතී.
එහිදී, බ්‍රිතාන්‍යය තුළ දිගටම රැඳී සිටීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමට කිහිප අවස්ථාවකදීම උත්සාහ කළත් තමාට එම අවස්ථාව නොලැබුණු බවද අයිරීන් විදෙස් වාර්තා වෙත පවසා ඇත.