අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අති පූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහනාහිමියන්ගේ අභාවය පිළිබඳව ඇමෙරිකාව සිය ශෝකය පළ කර තිබේ.
ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලාංකේය ජනතාව වෙත මෙසේ ශෝකය පළ කර ඇත.
බුදුරජාණන් වහන්ස්ගේ ඉගැන්වීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගාසිටුවීමට දරනලද නොපසුබට උත්සාහයන් නිසා උන්වහන්සේ පිළිබඳව දත් ශ්‍රී ලාංකිකයන් සහ සහ ඇමෙරිකානුවන් අතර උන්වහන්සේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ බවද තානාපතිවරයා සිය නිවේදනයෙන් පවසා තිබේ.