දඬුවමක් ලෙස 20 හැවිරිදි තරුණියක සමූහ දුෂණයකට ලක්කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 13 දෙනෙකු ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම තරුණිය තම ගෝත්‍රයෙන් පිට පුරුෂයෙකු සමග පවත්වන සබඳතාවකට විරුද්ධ වෙමින්, ඇය අයත්වන ගෝත්‍රයේ වැඩිහිටියන් පිරිසකගේ කැලෑ අධිකරණ තීන්දුවකට අනුව මෙම අපරාධය සිදුකරවා ඇතැයි පොලිසිය පවසයි.
ඒ වනවිටත් බරපතල තතත්වයේ පසුවූ මෙම තරුණිය වහාම රෝහල්ගත කළ බවද පොලීසිය පවසයි.
ඉන්දියාවේ ගොත්‍රික ජනතාව තම සනුහරෙන් පිට පවත්වන ප්‍රේම සම්බන්ධතාවලදී මෙවැනි අමානුෂික දඬුවම්වලට ලක්වන බවත්, ඒ වෙනුවෙන් නීත්‍යානුකූල නොවූ කැලෑ උසාවිවලින් තීන්දු ලබාදීම අද ඊයේ සිදුවූවක් නොවන බවත් පැවසෙයි.
වර්තමානයේදී ඉන්දියාව සමූහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ලොව පුරා චිර ප්‍රසිද්ධියක් උසුලන අතර, එය 2012 වසරේදී එරට වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක්ව මියයෑමෙන් පසු වඩාත් තීව්ර විය.
එම සිදුවීමත් සමග ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය වැනි දැඩි දඬුවම් පැමිණවිය යුතු බවටද රට පුරා උද්ඝෝෂණ ඇති විය.නමුත්, තවමත් කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අළුයට ගිනිමෙන් ඉන්දීය සමාජයේ පිළිලයක්ව ඇති බවට මෙවැනි සිදුවීම් කදිම සාක්ෂි සපයයි.
;