දකුණු චීන මුහුද අස්ථාවර කිරීමට චීනය කටයුතු කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් චෝදනා නඟයි.
චීන ක්රියාකාරකම් එම මුහුදු කලාපයට දැඩි බලපෑමක් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියි.
සිංගප්පූරුවේ පැවති ඇමෙරිකානු හා අග්නිදිග ආසියානු රටවල සහභාගීත්වයෙන් පැවති සමුළුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් දක්වා තිබේ.
එමෙන්ම, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තායිලන්ත හමුදා කුමන්ත්රණ නායකයාට එරට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට හැකි කඩිනම් පියවර ගන්නා ලෙසයි.
චීනය, වියට්නාමය හා පිලිපීනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති වාතාවරණයක මෙම සමුළුව පැවැත්වෙයි.