දකුණු චීන මුහුදේ වූ විවාදයට තුඩු දී ඇති චීන දූපතෙහි ගොඩබිම සිට ගුවනට එල්ල කළ හැකි මිසයිල පද්ධතියකින් සන්නද්ධ බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය පෙබරවාරි 14 වැනිදා ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් මෙම දූපතෙහි මිසයිල පද්ධතියක් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම දූපතට අයිතිය කියන තායිවානයද මෙම මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරන්නේ මෙම පුවත හුදෙක්ම බටහිර මාධ්‍යයන් හි ගොතන ලද කතාවක් බවයි.