දකුණු කොරියානු නාවික හමුදාව තම මුහුදු සීමාවට පැමිණි උතුරු කොරියානු බෝට්ටුවකට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා දිනයේදී එරට වේලාවෙන් සවස 3.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, බෝට්ටුවට වෙඩි ප්රහාර පහක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති උතුරු කොරියාව පවසා ඇත්තේ මෙය බරපතල කුපිත කරවීමක් බවයි.
මෙම බෝට්ටුව සාම්ප්රදායික ආරක්ෂිත මෙහෙයුම් සිදුකරන අතරතුර දකුණු කොරියාවෙන් ප්රහාරය එල්ල වී ඇති බව ඔවුන් චෝදනා කරයි.
උතුරු දකුණු කොරියා වෙන්වූ ඥාතීන් කලකින් හමුවීම යෙදී සතියක් ගතවීමටත් පෙර මෙම නොරිස්සුම් ක්රියාව සිදුව ඇති අතර, ඔවුන් අතර පවතින මතභේදය අලුයට ගිනිමෙන් ඇවිලෙමින් පවතී.