දකුණු කොරියාවේ වෙරළ තීරයකදී ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේදී ඒ තුළ පුද්ගලයන් 22 දෙනෙකු ගමන් කර ඇති බවට තොරතුරු පැවතියත්, එහි ඔවුන් සියලු දෙනාම ගමන් කළේද යන්න ගැන තවමත් තොරතුරු සනාථ කර නොමැති බවද කියයි.
මෙම අනතුරේදී පුද්ගලයන් තිදෙනෙකු දිවිබේරාගෙන ඇති අතර, ඔවුන් පෙරලුණු බෝට්ටු කඳේ එල්ලී පැය 10කට වැඩි කාලයක් සිට ඇති බවද වාර්තා වෙයි.
දකුණු කොරියානු වෙරළාරක්ෂක බෝට්ටු 44ක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව කියයි.