දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන ඩියොක්රටික් එලයන්ස් හි නව නායකයා ලෙස කළු ජාතිකයෙකු පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
34 හැවිරිදි ම්මූසි මියාමනේ මෙසේ නව නායකයා ලෙස පත්කර ඇත්තේ පසුගිය මාසයේදී හිටපු විපක්ෂ නායක හෙලීන් සීල් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වීම නිසාය.
සුදු ජාතිකයන්ගෙන් සැදුම්ලත් පක්ෂයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නිසාම ඩියොක්රටික් පක්ෂය පසුගිය කාලය පුරාවටම බලයට පත්වීමේ දැඩි අරගලයක නිරත විය.
2014 වසරේ පැවති මැතිවරණයේදී පක්ෂය ලැබූ ඡන්ද පදනමේ ඉහළ යාමක් පැවතියද, රජයක් පිහිටුවීමට තරම් ඡන්ද පදනමක් ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය.
කෙසේ වෙතත්, සුදු ජාතික පක්ෂයට යැයි විරුධාවලිය ලත් ඩිමොක්රටික් පක්ෂයට කළු ජාතිකයෙකු නායකයා ලෙස පත්වීම තුළ එහි ඡන්ද පදනම තවදුරටත් ඉහළ යනු ඇති බව විචාරකයෝ පවසති.