දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා ජනතාව අමතා පවත්වන වාර්ෂික දේශනය පැවැත්වීමට උත්සාහ කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ගැටුමක් හටගෙන තිබේ.
ජූලියස් මලේමා ගේ නායකත්වයෙන් යුත් විපක්ෂ 'ආර්ථික නිදහස සඳහා සටන්කරුවෝ' පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ දේශනයට දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන් ඔවුන් ඉවත් කිරීම පිණිස පොලිසිය කැඳවීමට කථානායකවරයාට සිදුව ඇති බව පවසයි.
සිය පෞද්ගලික නිවාසය අලුත්වැඩියා කිරීම සඳහා යොදාගත් මහජන මුදල් යළි ගෙවන මෙන් ජනාධිපති සූමාට බලකරමින් මලේමා ගේ පක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කළහ.
පාර්ලිමේන්තුවට පොලිසිය කැඳවීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසමින් දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ප්රජාතන්ත්රවාදී සන්ධානයේ මන්ත්‍රීවරු ඉන් අනතුරුව සභා ගර්භයෙන් පිටව ගියහ.