දකුණු අප්‍රිකාවේ පාසල් සිසුවියන් පිරිසක් යන්තමින් විලි වසාගෙන සිදුකළ ගායනයක් හා නර්තනයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹීමට එරට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
දකුණු අප්‍රිකාවේ අධ්‍යාපන ඇමතිනී ඇන්ගි මොට්ෂෙකාගා පවසා සිටියේ මෙම සිදුවීම දැකීමෙන් තමන් මහත් කම්පනයට පත්වූ බවයි. එම සිසුවියන් නිරුවතින් සිදුකළ නර්තනය කිසිසේත්ම පාසලක් තුළ සිදුනොවිය යුත්තක් බව ඇය සඳහන් කළාය.
එමෙන්ම, මෙය දකුණු අප්‍රිකානු සංස්කෘතික හර පද්ධතීන්ට එරෙහි අපහාසයක් බව එරට ප්‍රාථමික අධ්‍යාපන අමාත්‍යවරයාද සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම සංගීත නර්තනය සංවිධානය ගුරුවරයෙකු පවසා තිබුණේ එය ඔවුනට ගෞරවයක් ඇති කළ සිදුවීමක් බවයි.
විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ ෂෝසා භාෂාව කතා කරන එම ජනවර්ගයේ සම්ප්රදාය ගැන ඔවුන් ආඩම්බර වන බව ඔහු කීය. එමෙන්ම, එකී සාම්ප්‍රදායික චාරිත්‍ර ඉදිරියට ගෙන යන දැරියන් සම්බන්ධයෙන්ද ගෞරවයක් ඇති බවද ඔහු කළේය.
මෙම නර්තනයේදී ඔවුන් යන්තමින් විලි වසාගෙන සිටි ඇඳුම ඉන්ක්චියෝ නමින් හැඳින්වෙන අතර, එයද ෂෝසා සම්ප්රදාය ආරක්ෂා කරන ඇඳුමකි. එවැනි ඇඳුමකින් ඔවුන් සැරසී සිටීම ගැනද ආඩම්බර වන බව නම සඳහන් නොකළ තවත් ගුරුවරයෙකු පවසා තිබුණි.
මෙම ෂෝසා ජනවර්ගය දකුණු අප්‍රිකාවේ ජීවත් වන දෙවැනි විශාලතම ජනවර්ගය ලෙස සැලකෙන අතර, එම භාෂාවද එරට ප්‍රධාන භාෂා අතර භාවිත වෙන්නකි.