දකුණු අප්රිකාවේ අගනගරය වන කේප් ටවුන් වෙත ලබාදෙන ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස එහි සියලු ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
අගනගරය ආශ්රිතව පවතින දැඩි නියඟය හේතුවෙන් එහි වෙසෙන පුද්ගලයෙකුට දිනකට ලබාදෙන ජල ප්රමාණය ලීටර් 50කට සීමා කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.
ඔවුන් පවසන්නේ, නගරවාසීන්ගේ ජීවිතය රැකගැනීමට නම් ජලය ඉතිරි කරන ලෙසයි.
කේප් ටවුන් පළාත් ආණඩුවේ ප්රධානියාද පවසා සිටිය් මෙවර ඇතිවී තිබෙන නියඟය ඔවුන් එදාමෙදා තුර මුහුණදුන් දරුණුතම නියඟයක් බවයි.