කොරියානු දේශසීමාවේ දකුණු කොරියාව විසින් පවත්වාගෙන ගිය ප්රචාරක ස්පීකර් පද්ධතියද ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටියි.
උතුරු කොරියාවද මීට පෙර ඔවුන්ගේ මෙම ප්රචාරක ස්පීකර් පද්ධතිය ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව පවසා සිටියේය.
කාලයක් පුරා යුද උණුසුමක සිටි මෙම දෙපාර්ශ්වය විසින් මෙම ප්රචාරක ස්පීකර් පද්ධති ඔවුන්ගේ දේශසීමා කලාපය පුරා විවිධ අදහස් හා නිවේදන පතුරුවා හැරීමට යොදා ගනු ලැබීය.
පසුගිය සතියේදී මෙම දෙපාර්ශ්වයේ නායක දෙපළ හමුවූ කොරියානු සමුළුවෙන් පසුව දෙරට අතර ස්ථිරසාර සාමයක් වෙනුවෙන් ගනුලබන ක්‍රියාමාර්ග අතර මෙයද පවතී.
සිකුරාදා දිනයේදී සිදුවූ මෙම හමුවේදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් මුක්ත කලාපයක් කිරීම සඳහා නායක දෙපළම පොරොන්දු විය.
එමෙන්ම, එලැඹෙන සති කිහිපය ඇතුලත ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතරද හමුවක් සිදුවීමට නියමිතව තිබේ.