දකුණු කොරියාවේදී ලබන මස ඇරඹෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් සාමාජිකයන් 140කගෙන් සමන්විත වාද්‍ය වෘන්දයක් එරටට යැවීමට උතුරු කොරියාව සැරසෙයි.
මෙම දෙපාර්ශ්වය දෙරටේ යුද මුක්ත කලාපය හෙවත්, නිදහස් ගම්මානය ලෙස සැලකෙන පැන්මුන්ජොම් ගම්මානයේ සිට යළිත් වරක් සාකච්ඡා ආරම්භ කළේ වසර දෙකක විරාමයකින් පසුවය.
උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකිරීම හේතුවෙන් උතුරු සහ දකුණු කොරියාවේ සබඳතා බිඳ වැටී තිබුණි.
උතුරු කොරියාව මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කර තිබුණත්, ඔවුන් මීට පෙර දකුණු කොරියාවේදී ඔලිම්පික් නියෝජනය කර තිබුණේ නැත.
1988 වසරේ සෝල් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළ උතුරු කොරියාව වර්ජනය කරන ලදී.