චෝදනාවට ලක්ව සිටින දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන්-හයිගේ පියා උපන් ස්ථානය ගිනි තබා ඇති අතර, එම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාවේ හිටපු හමුදා පාලකයෙකු වූ පාක් චුන්ග්-හී අනුස්මරණ ශාලාවට මෙසේ ගිනි තබා ඇති අතර, එම ගින්නෙන් එම ශාලාවේ බොහෝ කොටස් දැවී ගොස් ඇති බව කියයි.
තම හිතවතියකට රාජ්ය දේපොළ අයථා පරිහරණයට හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදුන් ජනධිපතිනිය ධුරයෙන් ඉවත්වීම හෝ සියදිවි හානි කරගත යුතු බව අත්අඩංගුවට පත් සැකකරු පවසන බවද දකුණු කොරියානු පොලීසිය පවසයි.