එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා හි සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරට හේතුව මගී දුම්රිය වැරදි මාර්ගයක ගමන් කිරීම බව විශ්වාස කෙරෙයි.
දකුණු කැරොලීනා ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ඇම්ට්රැක් මගී දුම්රිය හා තවත් භාණ්ඩ ප්රවාහන දුම්රියක් අතර සිදුවූ මෙම අනතුරේදී මගී දුම්රියට වැරදි සංඥාවක් නිකුත් වී ඇතැයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ඉරිදා දිනයේදී සිදුවූ මෙම මරාන්තික දුම්රිය අනතුරෙන් ඇම්ට්රැක් දුම්රිය රියදුරු හා දුම්රිය සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව මගීන් 116 දෙනෙකු තුවාල ලැබූහ.
ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම අනතුරත් සමග දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ප්රාන්තය තුළ ඇතිව තිබෙන බවයි.
මෙම අනතුරට දින හතරකට පෙර ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් ලොරි රියදුරා ජීවිතක්ෂයට පත්විය.