තුර්කි රජය හා කුර්දි සටන්කරුවන් අතර ගැටුම් උත්සන්න වනවිට ප්රහාර වැළක් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගිණිකොණදිග සිර්නාක් ප්රාන්තයේ මාර්ගයක ඇටවූ බෝම්බ ප්රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, හමුදා හෙලිකොප්ටරයක් වෙතද වෙඩි තැබීම් සිදුව තිබේ.
එමෙන්ම, ඉස්තාම්බුල් නුවර කාර් බෝම්බ ප්රහාරයකින් පසුව ඇති වූ ගැටුමකින් පසුව තවත් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල තවත් ගැටුමක් සිදුවී ඇති අතර, එහිදීද පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.