තුර්කියේ විශාලතම පුවත්පතේ බලය රජය විසින් අත්පත් කරගැනීමත් සමග එම පුවත්පත් කාර්යාලය ඉදිරිපිට පැවති දැවැන්ත විරෝධතාවට ප්‍රබල පොලිස් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
තුර්කියේ විශාලතම පුවත්පත වන සමාන් පුවත්පත සහ ටුඩේයිස් සමාන් යන ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත රජයේ පාලනයට නතුකර ගෙන තිබුණේ සිකුරාදා දිනයේ අධිකරණ නියෝගයක් ලබාගනිමිනි.
ඇමෙරිකාව පදනම් කරගත් පූජකයෙකු විසින් මෙහි රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් සිදුකළේ යැයි පවසමින් මෙම පවරාගැනීම රජය විසින් සිදුකර තිබේ.
ඒ අනුව, එදින මධ්‍යම රාත්රියේදී පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරමින් එම පුවත්පත් කාර්යාලයේ ගේට්ටු කඩා ඒ තුළට ඇතුල් වී එහි පාලනය සියතට ගත් බව විදෙස් වාර්තා පවසයි.