තුර්කියේ බටහිර ඒජියන් වෙරළ කලාපය සහ ග්‍රීසියේ ලෙස්බෝස් දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවත්, මෙම භූ කම්පනය ඉස්තාම්බුල් සහ ඇතන්ස් යන නගරවලට පවා ප්රබලව දැනී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ නිරීක්ෂණයන්ට අනුව රික්ටර් පරිමාණ 6.3ක් ලෙස ගණනය කර ඇති මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය ලෙස්බෝස් හි පැල්මෝරි නගරයට කිලෝ මීටර් 5ක් පමණ දකුණින් වාර්තා වී ඇත.
මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, භූ කම්පනයේ ප්රබලතම බලපෑම විර්සා නගරයට සිදුව තිබේ. එම නගරයේ පුද්ගලයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම භූ කම්පනයේ පළමු කම්පනය ඊයේ (12දා) එරට වේලාවෙන් සවස 3.28 ට පමණ වාර්තා වී ඇති අතර, අනතුරුව ප්‍රබල පසු කම්පන දෙකක් වර්තා වී තිබේ.
මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මේ වනවිට පැහැදිලි තොරතුරු නොලැබුණත්, ඉන් ජීවිත හානි සිදුව තිබිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවූ පුද්ගලයන් පිළිබඳවද වාර්තා වන බැවිනි.
තුර්කිය මෙන්ම, ග්‍රීසියද භූ කම්පනවලට තුඩුදෙන කලාපයක පැවතීම නිසා එම කලාපයේ මෙවැනි භූ කම්පන සාමාන්‍ය දෙයක් බවටද පත්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.