තුර්කියේ බලය හිමි යුක්තිය හා සංවර්ධනය පක්ෂය යළි බලයට පත් කළ මැතිවරණ ප්‍රතිඵලයට ලෝකය ගෞරව කළ යුතු බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කරයි.
රට තුළ පැවති අස්ථාවරත්වය මධ්‍යයේ වුවද ඡන්ද දායකයන් ස්ථාවරත්වයක් තෝරාගෙන ඇති බව ජනපති රිසෙප් ටයීප් එර්ඩෝගාන් පවසයි.
සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව යුක්තිය හා සංවර්ධනය පක්ෂය 49.4% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ප්‍රධාන විපක්ෂයට හිමිවී ඇත්තේ 25.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
මැතිවරණ නිරීක්ෂණයට සහභාගි වූ යුරෝපා මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ සමයේ මාධ්‍ය අවභාවිතයේ යෙදවූ බවට චෝදනා නඟා ඇති වටපිටාවක තුර්කි ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.