තුර්කි හමුදා සාමාජිකාවන් හිස් පළඳනා පැළඳීම තහනම් කරමින් පනවා තිබූ නීතිය ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබේ.
මෙම තහනම ඉවත්කළ තුර්කියේ අවසන් ආයතනය ලෙස හමුදාව සැලකෙයි.
රජයේ ආයතනවල සේවය කිරීමේදී හිස් පළඳනා පැළඳීම තහනම් කරමින් වර්ෂ 1980 දී නීතියක් පැනවුණි.
කෙසේ වෙතත්, එරට වත්මන් ජනපති රිසෙප් තයීප් එර්ඩෝගාන් මෙම තහනම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ රාජ්ය නායකයෙකු වන අතර, මෙම තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයාද ප්රමුඛ දායකත්වයක් දක්වා තිබේ.
මෙය වසර කිහිපයක් පුරා තුර්කිය තුළ විවාදයට බඳුන්වූ සිදුවීමක් ලෙසද සැලකෙයි.