තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගාන්ට එරෙහිව දියත් වූ කුමන්ත්‍රණ උත්සාහයෙන් අනතුරුව රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමි තුර්කි ජාතිකයන් 136 දෙනකු ජර්මනියේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව අනාවරණය වෙයි.
ජර්මානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ 2016 අගෝස්තු මාසයේ සිට මේ 2017 ජනවාරි මාසය දක්වා කාලය ඇතුලත ඔවුන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවයි.
සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රිකයන්ට මෙන්ම ඔවුන්ගේ දරු මුණුපුරන්ටද රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමිවෙයි.
කෙසේ වෙතත්, තුර්කිය ජර්මනියෙන් ඉල්ලා ඇත්තේ කිසිදු හමුදා නිලධාරියෙකුට දේශපාලන රැකවරණ නොදෙන ලෙසයි.
කෙසේ වෙතත්, ජර්මනියේ පිහිටි නේටෝ හමුදා කඳවුරුවල සේවය කරන ඇතැම් හමුදා නිලධාරීන්ද මේ රැකවරණ පැතූ පිරිස් අතට සිටින බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම, දැනටමත් තුර්කි හමුදා නිලධාරීන් දෙදෙනකු ග්‍රීසියේ දේශපාලන රැකවරණ පතා සිටින බවද විදෙස් වාර්තා අනාවරණය කරන අතර, කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙකු වන ඔවුන් ජනපතිට එරෙහි කුමන්ත්රණයේ ප්‍රබලයන් දෙදෙනෙකු ලෙසද සැලකෙයි.
මේ අතර, කුමන්ත්‍රණ උත්සාහයෙන් පසුව තුර්කිය අත්හැර ග්‍රීසියට පළා ගිය සෙබලුන් 8 දෙනෙකු යළි සිය රටට භාරදෙන ලෙස එරට කළ ඉල්ලීම ග්‍රීසියේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් ගොනුකරන බව තුර්කිය අවධාරණය කරයි.