තුර්කියේ ට්රැබ්සොන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසල මුහුදට නොවැටී අනූ නවයෙන් බේරුණු අවස්ථාවක් වාර්තා වෙයි.
අන්කාරා නුවර සිට ට්රැබ්සොන් වෙත ගමන් කළ බෝයිං 737-800 දරණ පෙගසස් ගුවන් සේවයට අයත් යානය මේ අනතුරට මුහුණදී තිබේ.
යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්ය මණ්ඩලයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති අතර, යානයේ ගොඩබාන අවස්ථාවේදී කුරුල්ලෙකු එහි එන්ජිමේ ගැටීම මෙම අනතුරට හේතුව බව කියැවෙයි.