තුර්කියේ සාම පාගමනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර දෙකෙන් මියගිය 95 දෙනා සිහිකරමින් එරට අන්කාරා අගනුවරදී පුද්ගලයන් දහස් ගණනක් රැස්වූ උද්ඝෝෂණයක් පැවති බව විදෙස් වාර්තා පවසයි.
බෝම්බය පිපිරී ගිය ස්ථානය කරා ගොස් ඒ ස්ථානයේ කානේෂන් මල් ඇතිරීමට උද්ඝෝෂකයන් උත්සාහ කළ අව්සථාවේදී පොලීසිය හා ඔවුන් අතර යම් උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබුණි.
කුර්දි හිතවාදී එච්.ඩී.පී. පක්ෂය පසුගිය සෙනසුරාදා මෙම සාම පා ගමන සංවිධානය කළ අතර, ඔවුන්ට අනුව මෙම බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයන් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පා ගමනට නිසි ආරක්ෂාවක් ලබා නොදීම ගැන උද්ඝෝෂකයන් රජයට චෝදනා කරයි.
නමුත්, ඒ අදහස ප්රතික්ෂේප කරන තුර්කි රජය මෙය ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරයක් බව අවධාරණය කරයි.