තුර්කියේ අගමැති අහ්මෙට් ඩවුටොග්ලු මෙම මස අගදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති විදෙස් වාර්තා පවසයි.
මෙම ඉල්ලා අස්වීම පාලක ඒ.කේ. පක්ෂයේ මහා සමුළුවේදී සිදුවනු ඇති බවද අගමැතිවරයා පවසා තිබේ.
එරට ජනාධිපති එර්ඩොගාන් තුර්කිය තුළ ජනාධිපති ක්රමයේ රජයක් ඇති කිරීම සඳහා සිදුකරන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඇති කරගත් මත ගැටුමක් මෙම ඉල්ලා අස්වීමට හේතුව බවද විදෙස් මාධ්‍ය කියයි.
කෙසේ වෙතත්, සිය කතාවේදී තමා කිසිවෙකු සමගවත් අමනාපයකින් පසු නොවන බව අගමැතිවරයා පවසා තිබුණි.
එළැඹෙන මැයි 22 වැනිදා පැවැත්වෙන මහ සමුළුවේදී ඔහුගේ අනුප්‍රාප්තිකයා තේරී පත්වීමට නියමිතය.