ඇමෙරිකාවේ තුන් හැවිරිදි දරුවෙකු සිය මවගේ හෑන්ඩ් බෑගයේ තිබූ පිස්තෝලයකින් සිදුකළ වෙඩි තැබීමකින් මවටත්, පියාටත් වෙඩි වැදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිව් මෙක්සිකෝ ප්රාන්තයේ, අල්බුක්රීක් හි හෝටල් කාමරයක පසුගිය සෙනසුරාදා මෙම අවාසනාවන්ත සිදුවීම ඇතිව තිබේ.
තම මවගේ හෑන්ඩ් බෑගයේ තිබූ අයිපෑඩය සෙවීමට යාමේදී දරුවා අතට පිස්තෝලය හමුවී ඇති අතර, එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
දරුවා තැබූ වෙඩි පහරින් පියාගේ තට්ටම ප්රදේශයට වෙඩි වැදී ඇති අතර, එම උණ්ඩය අවසානයේ නැවතී ඇත්තේ මවගේද ශරීරයේ වදිමිනි.
එම අවස්ථාවේ මව අටමස් ගැබිණියක් බවද කියවුණු අතර, සිද්ධියෙන් ඔවුන් දෙදෙනාට බරපතල තත්ත්වයක් නොමැති බව කියැවෙයි.