චීනය සමග ඇතිකර ගනු ලැබූ වෙළෙඳ ගිවිසුමට විරෝධය පාමින් 100,000ක් ඉක්මවූ තායිවාන ජනයා එරට තායිපෙයි අගනුවර වීදි බසිමින් දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරව්... වෙළෙඳ ගිවිසුම හකුලා ගනිව්... යනුවෙන් විරෝධතා පාඨ දැක්වෙන පුවරු ඔසවාගෙන්, ඒවා කෑ ගසා කියමින් ඔවුන් සිය විරෝධය දක්වා තිබේ.
මේ වෙළෙඳ ගිවිසුම නිසා තායිවානය චීනයේ අතකොලුවක් බවට පත්වන, චීනයෙන් යැපෙන රටක් බවට පත්වන බව තායිවාන උද්ඝෝෂකයෝ එක හඬින් කියා සිටිති.
කෙසේ වෙතත් මෙම වෙළඳ ගිවිසුම තායිවාන ආර්ථිකයට යහපත් වන බව තායිවාන අගමැති මා ඉංග්-ජිඕ අවධාරණය කරයි.
චීනය සමග ඇති කර ගත් ගිවිසුමට විරෝධය පාමින් පසුගිය සති දෙක පුරා තායිවාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට කඩා වැදී සිටි එරට විශ්වවිද්‍යාල සිසුන්ගේ සහයෝගයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙතරම් ව්‍යාප්ත විය.
විරෝධතා රැලියට එකතු වූ වැඩි පිරිසක් කළු පැහැති කමිස හැඳ සිටි අතර, ඔවුන් කහ පැහැති නළල් පටයකින් ද සැරසී සිටියේය.