තායිවානයේ, ටයිනාන් නගරයේ සිදුවූ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයෙන් දිනකට පසුව කඩා වැටුණු මහල් නිවාස සංකීර්ණයේ සුන්බුන් අතරින් 20 හැවිරිදි තරුණයෙකු බේරා ගැනේ.
සහන සේවකයන්ගේ දැඩි පරිශ්‍රමයෙන්, ඥාතීන්ගේ සතුටු කඳුළු මධ්‍යයේ හුඇන්ග් කුඇන්ග්-වෙයි නැමති තරුණයා සුන්බුන් අතරින් පිටතට ගැනීම සිදුවිය.
මෙම භූ කම්පනය හේතුවෙන් කඩා වැටුණු මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 124 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, භූ කම්පනය නිසා පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ටයිනාන් නගරාධිපතිවරයා පවසන්නේ මෙසේ අතුරුදන් පිරිස කඩා වැටුණු ගොඩනැගිල්ලේ පහළ මහල්වල සිරිවී සිටිනු ඇති බවයි.