තායිවානයේදී ගංගාවකට කඩා වැටුණු ට්රාන්ස්ඒෂියා ගුවන් යානයේ එන්ජින් දෙකම යානය කඩා වැටීමට පෙර අක්රීය වී තිබූ බව මේ වනවිට අනතුර සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
යානයේ එක් එන්ජිමක් අක්රීය වීමෙන් විනාඩි 15කට පසුව නියමුවා විසින් අනෙක් එන්ජිමද නතර කර ඇති නමුත්, එය යළි පණගන්වා ගැනීමට ඔහුට නොහැකි වී ඇති බව පැවසෙයි.
ඒ අනුව, මෙම පරීක්ෂණයේදී ඔවුන්ට සැකයක් ඇතිවී තිබෙන්නේ එක් එන්ජිමක් අක්රීය වූ අවස්ථාවක, හොඳින් ක්රියාත්මක තත්ත්වයේ පැවති අනෙක් එන්ජිම අක්රීය කිරීමට නියමුවා කටයුතු කළේ ඇයිද යන්නයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් යානයේ නියමුවාද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දැඩි නාගරික පරිසරයක මහල් නිවාස අතරින් යානය ගංගාවක් වෙත පතිත කිරීමට නියමුවා ගත් තීරණය කාගේත් පැසසුමට ලක්ව තිබේ.
මෙම අවාසනාවන්ත අනතුරින් යානයේ ගමන්කළ 58 දෙනාගෙන් ජීවිතය බේරාගැනීමට හැකිවී ඇත්තේ 15 දෙනෙකුට පමණි.