තායිලන්තයේ බැංකොක් නුවර හින්දු ආගමික මධ්‍යස්ථානයක් අසලදී පුද්ගලයන් 20 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
28 වැනි වියෙහි පසුවන මෙම සැකකරු බැංකොක් නගරය ආසන්න මහල් නිවාසයක රඳවා ඇති බවත්, ඔහු විදේශිකයෙකු බවත් විදෙස් මාධ්‍ය පවසයි.
අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව බෝම්බ තැනීමට යොදා ගන්නා යකඩ බෝල සහ තවත් උපකරණ කිහිපයක්ම ඔහු සතුව තිබූ බවද විදෙස් මාධ්‍ය පවසයි.
දෙසතියකට පමණ පෙර මධ්‍යම බැංකොක් ප්‍රදේශයේ පිහිටි එරාවන් ප්‍රතිමාව ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය වැඩි දෙනා සංචාරකයෝ වූහ.
මෙම සිදුවීමෙන් පසුව අසල වූ සී.සී.ටී.වී. දසුන්වලින් සැකකරු බෝම්බය තබායන ආකාරය පැහැදිලිව දක්නට ලැබුණු අතර, ඒ ඔස්සේ සැකකරුගේ රුවට ආසන්න චිත්‍ර සටහනක්ද පොලීසිය විසින් නිකුත් කරන්නට විය.