තායිලන්ත පාලනය සඳහා වැඩි ප්රජාතන්ත්රවාදයක් ලබාදීමේ අරමුණින් එරට රජු නව ව්‍යවස්ථාවට අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බැංකොක් නුවර පැවති විශේෂ උත්සවයකදී මහා වජිරාලොන්ග්කෝන් රජු මෙම ලියැවිල්ලට අත්සන් තැබීය.
කෙසේ වෙතත්, නව ව්‍යවස්ථාව යටතේ වුවද එරට හමුදාව තායිලන්ත දේශපාලනයේ වඩාත් බලපෑමක් කළ හැකි ස්ථානයක තබා ඇත.
මීට වසර තුනකට පෙර තායිලන්ත පාලනය එරට හමුදාව අතට පත්වීමත් සමග පැරණි ව්‍යවස්ථාව ඉවත් කෙරුණි.
කෙසේ වෙතත්, හිටපු රජුගේ අභාවයත් සමග පත්වූ නව රජුගෙන් පසුව එරට නව ව්‍යවස්ථාව සඳහා මුල පිරුණි.
නමුත්, මෙම නව ව්‍යවස්ථාවෙන්ද පැහැදිලි ප්රජාතන්ත්රවාදයක් නිරූපණය නොවන බවට විවේචනද පවතින බව විදෙස් වාර්තා පවසයි.