ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත්කර ඇති ත්රස්තවාදයට උදවු ලබාදෙන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට කටයුතු කළ බව එරට සෙනෙට් මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව පවසයි.
සෙනට් සභික බෙන් කාර්ඩින් පවසා සිටින්නේ මෙය අතිශය වැදගත් පියවරක් බවයි.
මෙම ක්‍රියාවලිය සාර්ථක වුවහොත්, දෙරටේ තානාපති කටයුතු යළි සාර්ථකව සිදුවනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද කියුබන් නායක රාහුල් කැස්ත්‍රෝ නිල වශයෙන් හමුවීමේ සූදානමකින් පසුවන බවද වාර්තා වෙයි.
එය දෙරටේ නායකයන් අතර නිල වශයෙන් සිදුවන ප්‍රථම හමුවන වනු ඇත.