ජපානය තුළ ක්රියාත්මක විය හැකි ත්රස්ත සැලසුම් හෝ අපරාධ මැඬපැවැත්වීම සඳහා අදාළ බලධාරීන්ට වැඩි නෛතික බලයක් ලබාදෙන පනතකට එරට පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබේ.
අගමැති ෂින්සෝ අබේ නියෝජනය කරන පාලක පක්ෂය විසින් මෙම නව කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ ඉදිරියට ගෙන ඇති අතර, 2020 වසරේදී ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්රීඩා උලෙළ ද ඉලක්ක කරමින් එරට ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස ඔවුන් මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම පනත හරහා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, සුළු ජාතීන් හා අහිංසක මිනිසුන් මේ හරහා චෝදනාවට ලක්විය හැකි බවටත් විරුද්ධ පක්ෂවලින් යම් විවේචනයක් එල්ල වුවද, මෙය සියලු ආකාරයේ අපරාධ හා ත්රස්ත ක්රියා මැඬපැවැත්වීමේ කාලෝචිත පියවරක් බව ජපාන රජය අවධාරණය කරයි.