ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කුන්ඩූස් හි තලේබාන් සටන්කාමීන් පලවා හැරීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෑතකදී සිදුවූ සටන්වලදී මෙම නගරය ආසන්නයටම තලේබාන් සටන්කාමීන් පැමිණ සිටි අතර, මේ හේතුවෙන් දහස් ගණනක් ජනතාවට උන්හිටිතැන් අහිමිව තිබුණි.
බී.බී.සී. වාර්තාකරු පවසන්නේ නගරය ආශ්‍රිතව වෙඩි හඬ හා කාලතුවක්කු හඬ නිරන්තරයෙන් ඇසෙන බවයි.
මේ අතර, ඉස්ලාමීය රාජ්‍යයේදී සටන් පුහුණුව ලැබූ විදේශීය හමුදාවන්ද මෙම සටන්කරුවන් සමග සිටින බව ඇෆ්ගන් බලධාරීහු පවසති.