ඇෆ්ගනිස්තානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කරමින් පසුගියදා එල්ල වූ තලේබාන් ප්‍රහාරයෙන් පසුව එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක සේවා ප්‍රධානියා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
උතුරුදිග මසරේ ෂරීෆ් නගරයේදී මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් 140කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
හමුදා මූලස්ථානය තුළ වූ පල්ලියේ දේව මෙහෙයට සහභාගී වී පැමිණෙමින් සිටි පිරිසත්, එහි ආපනශාලාව තුළ වූ පිරිසකුත් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් වැඩි පිරිසක හමුදා සාමාජිකයන් බව පැවසෙයි.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා විසින් 2001 වසරේදී තලේබාන් පාලනයෙන් ඇෆ්ගනිස්ථානය මුදාගැනීමෙන් පසුව එම සංවිධානය විසින් එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙයි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ගේ ඇෆ්ගනිස්ථාන සංචාරයද සමග මොවුන්ගේ ඉල්ලා අස්වීම්ද සිදුවන අතර, එය ඇෆ්ගනිස්ථාන ජනාධිපති කාර්යාලය විසින්ද තහවුරු කර තිබේ.