අෆ්ගනිස්තානයේ තලේබාන් ත්රස්ත සංවිධානය සමග තාවකාලික සටන් විරාමයක් ඇති කරගන්නා බව ඇෆ්ගන් රජය නිවේදනය කරයි.
කෙසේ වෙතත්, සෙසු සටන්කාමීන් සමග රජය සිදුකරන ප්රහාර නොනවත්වා ඉදිරියට සිදු කරගෙන යන බවද ඇෆ්ගන් රජය වැඩිදුරටත් පවසයි.
සතියක් පුරා පැවැත්වෙන මෙම තාවකාලික සටන් විරාමය රාමදාන් උපවාස මාසය අවසන් වීමත් සමග නිමාවට පත්වනු ඇති බව ජනාධිපති අෂ්රෆ් ඝානි ඒකපාර්ශ්වීයව පවසා සිටියත්, තලේබාන් සංවිධානය මේ සඳහා තවම ප්රතිචාර දැක්වීමක් සිදුකර නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තලේබාන් සංවිධානය පසුගිය සතියේදී ඇෆ්ගන් රජය සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බවට වන කතාබහ එම සංවිධානය ප්රතික්ෂේප කළේය.
2001 වසරේදී ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා අෆ්ගනිස්තානය ආක්රමණය කිරීමෙන් පසුව මේ වනවිට ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මීට පෙරද තලේබාන් සංවිධානය සමග ඇති කරගත් සටන් විරාම මෙන්ම සාම සාකච්ඡාවන්ද කිසිදු ප්රතිඵලයකින් තොරව අවසන් වූ බවද නොරහසකි.