ඉන්දියාවේ දිල්ලි නගරයේදී තරුණියක දූෂණය කළ උබර් ටැක්සි රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත් වී තිබේ.
ශිව් කුමාර් යාදේව් නැමති මොහු දූෂණ චෝදනාවන්ට අමතරව, මනුෂ්‍ය පැහැරගැනීම් යටතේද චෝදනා ලැබ ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමට තමා නිර්දෝෂී බව ඔහු පවසා ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී උබර් ටැක්සියක් වෙන්කරවාගෙන ගමනක් යෑමට පැමිණි 26 හැවිරිදි තරුණියක මෙසේ දූෂණයට ලක්ව තිබුණි.
අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වූ මෙම උබර් ටැක්සි සේවය ඇතුළු ටැක්සි සේවා කිහිපයක්ම පසුව තහනමට ලක් කිරීමට බලධාරීන් කටයුතු කළේය.