තරුණ ප්‍රජාව රැඩිකල්වාදීන් බවට පත්වීම තැති ගන්වනසුළු තත්ත්වයක් බවත්, එය අතිශය කණගාටුදායක පසුබිමක් බවත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල් කුමරු පවසයි.
ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චාල්ස් කුමරු පවසා සිටියේ විවිධ ලබ්ධීන් අතර පාලමක් ගොඩනැංවීමට තමන් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම, මැදපෙරදිග කලාපයේ කතෝලික පල්ලි මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් තමාගේ අවධානය යොමුව ඇති බවත් කුමරු කියයි.
චාල්ස් කුමරු මේ වනවිට ජෝර්දානයේ සිටින අතර, ඔහු කලාපයේ දින හයක සංචාරයක නිරතව සිටියි.
සෙනසුරාදා රාත්රියේදී අම්මාන් අගනගරය වෙත පැමිණි කුමරු දෙවැනි අබ්දුල්ලා රජු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.