තරබාරුකමින් මිදීමට ව්‍යායාම්වල නිරත වීමටත් වඩා, සෞඛ්‍යයට නුසුදුසු ආහාරපාන අනුභවයෙන් වැලකීම සුදුසු බව ක්‍රීඩා සෞඛ්‍යය සම්බන්ධ බ්‍රිතාන්‍ය ජර්නලයක් පවසයි.
මෙම ජර්නලයට අදහස් දක්වා ඇති විශේෂඥයන් තිදෙනෙකු පවසා සිටියේ ව්‍යායාම්වලින් පමණක් තරබාරුකමින් මගහැරීමට හැකිය යන මිත්‍යාවෙන් දැන් ඉවත්වි යුතු බවයි.
හෘද රෝග, දියවැඩියාව හා චිත්ත වික්ෂේපය ආදී රෝගාබාධයන්ට ව්‍යායාම් තුළින් විශාල සහනයක් ලබාගැනීමට හැකි වුවත්, තරබාරුවෙන් මිදීමට ඉන් ඇති වන්නේ ඉතා සුළු බලපෑමක් බවද ඔවුන් පෙන්වා දෙයි.
ඒ වෙනුවට, අධික සීනි හා කාබෝහයිඩ්රේට්වලින් මිදීම අත්‍යවශ්‍ය බව එම ජර්නලය වැඩිදුරටත් පවසයි.