(UPDATE) ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු ගොන් පොර ක්‍රීඩාව හේතුවෙන් මියගිය පිරිස 5 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු ගොන් පොර ක්‍රීඩාවේ නිරත වූවන් තිදෙනෙකු ගොනුන් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විවාදයට තුඩුදුන් මෙම ක්‍රීඩාවේදී ගොනාගේ අං තට්ටුවට තබා ගැටගසා ඇති ත්‍යාගය දිනාගැනීම සඳහා පිරිමි පාර්ශ්වය ගොනා පසුපස ලුහුබඳින අතර, මෙය සතුන් ක්‍රෑර ලෙස වදබන්ධනයට ලක්කරන ක්‍රීඩාවක් ලෙස සැලකෙයි.
සත්ත්ව හිංසනය යටතේ මෙම ක්‍රීඩාව 2014 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරනු ලැබිණි.
කෙසේ වෙතත්, මෙය තම සාම්ප්‍රදායික ක්‍රීඩාවක් බව පවසමින් තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ පැවතීම හේතුවෙන් අවසානයේදී ජල්ලිකට්ටු ක්‍රීඩාවට යළි අවසරය ලබාදීමට ඉන්දීය රජය පසුගිය වසරේදී කටයුතු කළේය.
ඒ අනුව, වසර දෙකකට පසුව යළිත් එම ක්‍රීඩාව මෙවර තමිල්නාඩුව පුරා ආරම්භ වූ අතර, මෙම මරණවලට අමතරව තවත් 60 දෙනෙකු පමණ මෙම ක්‍රීඩාවෙන් මේ වනවිට තුවාල ලබා සිටින බවද තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.