ජල්ලිකට්ටු යනුවෙන් හැඳින්වෙන දකුණු ඉන්දීය ගොන්පොර වෙනුවෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
මෙම අභියාචනය විභාගයට ගැනීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ගොන්පොර ක්‍රීඩාවේදී ගොනුන්ගේ අඟේ බැඳ ඇති ත්‍යාග ලබාගැනීම සඳහා දහස් ගණන් මිනිසුන් ගොනුන් පසුපස දිවයමින් එම සතුන් වදබන්ධනයට ලක්කරන බවට චෝදනා නැගෙයි.
සත්ව අයිතීන් වෙනුවෙන් පෙනීසිටි සංවිධානවල බලපෑම හේතුවෙන්ම පසුගිය 2014 වසරේදී මෙම ක්‍රීඩාව තහනමට ලක්කෙරුණු අතර, මෙය සතුන් ක්‍රැර වද බන්ධනයකට ලක්කිරීමක් බව අධිකරණය පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙම අධිකරණය නියෝගය අභියෝගයට ලක්කරමින් රජය යළිත් මෙම ගොන්පොර ක්‍රීඩාව සඳහා අවසර ලබාදී තිබුණි.
වසර 200ක පමණ ඉතිහාසයක් මෙම ක්‍රීඩාවට ඇති බවද කියැවෙයි.