ලෝකයේ වඩාත් කතාබහට හා විවාදයට තුඩුදුන් ඩොලී බැටළුවා ක්ලෝනකරණය කළ තාක්ෂණයම යොදා ගනිමින් වඳුරන් දෙදෙනෙකු සාර්ථකව ක්ලෝනකරණය කර තිබේ.
චීනයේ පර්යේෂණාගාරයකදී මීට සති කිහිපයකට පෙර මෙළොව එළිය දුටු සොන්ග් සෝන්ග් සහ හුආ හුආ යන මෙම වඳුරන්ට එකිනෙකාට අතිශය සමාන දිගු වලිගයක් ඇති බව කියැවෙයි.
මේ ආකාරයේ ජානමය වශයෙන් අතිශය සමානතාවක් පෙන්වන වඳුරන් ගහණය වැඩිකර ගැනීම මිනිසුන්ට වැළඳෙන රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීමට පහසුවක් වනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේ අවසානය මිනිසුන් ක්ලෝනකරණය කරන දිනය වැඩි ඈතක නොවන බවට දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.