ඇමෙරිකානු ජනාධිපතිවරණ අපෙක්ෂකත්වය වෙනුවෙන් සිදුවන තරගයේදී මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බව කියැවෙයි.
විශේෂයෙන්ම ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන හිලරි ක්ලින්ටන් ප්‍රාන්ත රැසක් ජයගෙන ඇති අතර, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ද වැඩි ප්‍රාන්ත සංඛ්‍යාවක් ජයගෙන තිබේ.
ඒ අනුව, මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත 7ක් ජයග්‍රහණය කර ඇති අතර, ඔහු සමග තරග වදින ටෙඩ් කෘස් දිනාගෙන ඇත්තේ ප්‍රාන්ත තුනක් පමණි. තුන්වැනි ස්ථානයේ සිටින මාර්කෝ රූබිඕ එක් ප්‍රාන්තයක් පමණක් ජයගෙන ඇත.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණ තරගයේ අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට මෙන්ම, ධන කුවේරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම බහුතර ප්‍රාන්ත සංඛ්‍යාවක් දිනාගත යුතුව ඇත.